COLOMBO (News 1st) – ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද තුන්වැනි දිනටත් පැවැත්වේ.
තරගය ඊයේ නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 136කි.
ඇන්ටිගාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය දෙවැනි දිනය සඳහා ඊයේ ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 287ක් රැස් කරගෙන සිටියේ ය.
නායක ක්‍රෙයිග් බ්රත්වෙයිට් 9 වැනි ටෙස්ට් ශතකය ද සමගින් ලකුණු 126ක් ලබා ගත්තේය.
රකීම් කොන්වෝල් දෙවැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළේය.
ඔහු ලකුණු 73ක් රැස් කළේ 4 පහර 10ක් සහ එක් හයේ පහරක් ද සමගිනි.
සුරංග ලක්මාල් ලකුණු 94ට කඩුලු 4ක් දවා ගත්තේය.
දුෂ්මන්ත චමීර ලකුණු 69ට කඩුලු 3යි.
පන්දුවාර 111යි එක් පන්දුවක් අවසානයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 354කට දැවී ගියේය.
ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ආරම්භ කළේ, නායක දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්නයි.
කරුණාරත්න එක් ලකුණකට පිටියෙන් ඉවත් විය.
ඕෂධ ප්‍රනාන්දු ලකුණු 18යි.
9 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ ලහිරු තිරිමාන්න ලකුණු 55ක් රැස් කළේය.
ශ්‍රී ලංකා මුල් පෙල කඩුලු 3 බිඳ වැටුණේ ලකුණු 77කදීය.
Leave a Reply