ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙන් ආබාධයකට ලක්වෙයි
ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගිවී සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ලහිරු තිරිමාන්නද ආබාධයකට ලක්ව තිබෙනවා.
ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ ලෝක කුසලාන නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ ඔහු දණහිසේ ආබාධයකට ලක්ව ඇති බවයි.
කෙසේවෙතත් ලහිරු තිරිමාන්නගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණ වන්නේ නැහැ. ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගි වී සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන කී‍්‍රඩක නුවන් ප‍්‍රදීප් ද ඊයේ (09) ආබාධයකට ලක් වුණා.
Most commented