පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇනහිටියි
සයිබර් ආරක්ෂණය මුවාවෙන් සමාජ මාධ්‍ය පාලනයට ආණ්ඩුව නව පනතක් ගෙන ඒමේ සූදානමක් ඇති බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය පවසනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට එල්ලවිය හැකි සයිබර් ප්‍රහාර වළක්වා ගැනීම සඳහා ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු අමාත්‍යංශ ඇමතිගේ මූලිකත්වයෙන් නව සයිබර් ආරක්ෂණ ආයතනයක් පිහිටවීමට කටයුතු කිරීමේ සූදානමක් ඇති බවත්, එම ආයතනයෙහි අධ්‍යක්ෂකවරු හා ආයතන ප්‍රධානී පත්වීම් සියල්ලම දේශපාලනික පත්වීම් බවත් එම සමූහය පවසනවා.
මෙම සයිබර් ආරක්ෂණ ආයතනයට රටේ පවතින සියලුම තොරතුරු පද්ධතීන් හා දත්ත ගබඩාවල දත්ත විවිධ වූ අවශ්‍යතාවයන් උදෙසා ලබාගැනීමට බලතල හිමිවන අතර, ඒ අනුව සයිබර් ආරක්ෂණය මුවාවෙන් තොරතුරු හා පුද්ගලික ගිණුම් වලට පිවිසීමට ඔවුන්ට හැකිවන බවයි එම සමූහය පෙන්වා දෙන්නේ.
එසේම එම දත්ත රජයට,ආරක්ෂක අංශ වලට සහ වෙනත් පාර්ශවයකට ලබාදීමට ඔවුන්ට හැකියාවක් තිබෙන බවත් දේශපාලකයන් විසින් පාලනය කරනු ලබන සයිබර් ආරක්ෂණයක් විශ්වාසකළ නොහැකි බවත් පෙන්වා දෙන ශ්‍රී ලංකා පරිවර්තන සමූහය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම දත්ත ඉදිරියේදී දේශපාලනික කටයුතු සඳහා යොදාගත හැකි බවට සැකයක් පවතින බවයි.
Copied
Most commented